PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
2021 ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී පුෂ්පිකා ද සිල්වාගේ හිස මත පැළඳි කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර ඇයට තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වූ සිද්ධියට අදාළ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්රන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (14) නියෝග කළේය.
නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ, විත්තිකාරියන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව, හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්රන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
මේ වනවිට අභාවප්රාප්ත වී සිටින චූලා පත්මේන්ද්රන් වෙනුවෙන් ඇයගේ ඇපකාරිය අද අධිකරණයේ පෙනී සිටියාය.
2021 වසරේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී මෙම සිද්ධිය සිදුව තිබිණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.