පුවත්

‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා‘

‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා‘

ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (26)පැවසීය.

මුදල් නඩුවකින් සන්නස්ගල නිදහස්

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල ට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් ඔහු මුදාහැරීමට ඊයේ (24) නියම කර තිබෙනවා.

Read More

’’මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා’’

මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

Read More

'අලුතෙන් පටන් අරන් තියෙනවා පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයනය කරන ක්‍රම'

වාහන ආනයන සීමා ඉවත් කිරීමේ හැකියාව තිබුණ ද පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයන යෝජනා ක්‍රම දියත් ඉරීමේ උත්සහයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ් රුද්‍රිගු අද (ජුනි 24) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

Read More

ළමුන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ, පාචනය වැඩි වෙලා

ළමුන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ සහ පාචනය පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසයි.

Read More

හිටපු ජනපති අපේක්ෂකයකුගේ කෝටි 25ක ඩොලර් වේයො කාලා

ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

Read More

එඩ් ශිරන් ලංකාවට?

ලබන වසරේ මුල් භාගයේදී ලෝක ප්‍රසිද්ධ පොප් ගායක එඩ් ෂීරන්ගේ සංගීත ප්‍රසංගයක් ශ්‍රී ලංකාව පැවැත්වීමට පෞද්ගලික ආයතන දෙකක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

Read More

වෘත්තීය සමිති රැසකින් ආණ්ඩුවට රතු එළි

වැටුප් ඇතුළු ගැටළු රැසක් මුල් කර ගනිමින් කේෂ්ත්‍ර කිහිපයක සේවකයින් අද(24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබේ.

Read More

බෙදන්න ගෙනා කන්න බැරි හාල් කිලෝ දහස් ගාණක් හරවා යවයි

අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිළධාරීන් කටයුතු කර තිබේ.

Read More

කුරුළු උණ නිසා ආනයන සීමාවක්

කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාසල් සිසුවෙකුගෙන් ෆොර්මියුලා රථයක්

කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 2024 කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පාසල් සිසුවෙකු නිර්මාණය කළ ෆොර්මියුලා රථය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

Read More

මාර්ග අනතුරුවලින් හතක් මරුට: 15ක් රෝහල්වලට

පොසොන් දින පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් හත් දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More