මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
සියලු පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දක්වන්නේ නම් ඉදිරි දින කිහිපය තුළද සාමකාමී පරිසරයක් රට තුළ පවතිනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
අද දෙරණ 'BIG FOCUS' වැඩසටහනට එක්වෙමින් ඔහු පවසා සිටියේ, පූර්ණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙවර මැතිවරණ කාලය තුළ ඉතාම අවම මට්ටමක පවතින බවය.
මේ අතර, ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 63,000ක් ඍජුවම ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවත්, ඊට අමතරව කැරලි මර්දන කණ්ඩායම් 241ක් ද සුදානමින් සිටින බවද පැවසු නිහාල් තල්දූව පැවසීය.
මීට අමතරව, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,000ක් පොරොත්තු සේවයේ යොදවා ඇති බවත්, යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔවුන් කැඳවීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 3,000කට අදාළ පිරිසක් ද මැතිවරණ රාජකාරීවල යොදවා ඇති අතර සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 13,000ක පමණ පිරිසකගේ සහයෝගය ජංගම මුර සංචාර සඳහා ලබාදෙන බව ද පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව,
"සාපේක්ෂකව ගත්තොත් මීට පෙර අවස්ථාවල, මැතිවරණ පැවැත්වුණා. ඒ මැතිවරණවල බොහෝ වෙලාවට මනුෂ්‍ය ඝාතන පවා වාර්තා වුණා. නමුත් මෙවර මැතිවරණ පැමිණිලි 480යි පොලීසියට විමර්ශනය කරන්න ලැබිලා තියෙන්නේ. ඒ අතරින් අපරාධමය ස්වභාවයේ පැමිණිලි තියෙන්නේ 152යි. මම මේ කියන්නේ අද දිනය දක්වා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 328 වාර්තා වෙලා තියෙනවා මේ 480න්. 152න් අපරාධමය ස්වරූපය ගත්තත් මේ තියෙන්නේ බැණ තර්ජනය කර පහරදීමක්. නැත්නම් යම් ආකාරයක මැතිවරණ කාර්යාලයකට ගිනි තැබීමක්. ඒ කිව්වත් කටවුට් එකක් බොහෝම සුළු ප්‍රමාණයක් පිච්චිලා. නමුත් මැතිවරණ පැමිණිල්ලක් විදියට වාර්තා වෙලා තියෙනවා. යම් විනාශ කිරීමක් අනර්තයක් සිදුකිරීමක්. එහෙම වුණත් ඒවා විශාල මුදල් වටිනාකම් තියෙන ඒවා නෙමෙයි.
නමුත් අපි මැතිවරණ පැමිණිලි විදියට ලියලා තියෙනවා බරපතළ ගණයේ, ඉතාම සුළු සංඛ්‍යාවක් ඒ කියන්නේ 480න් 10ක් වගේ කිව්වොත් නිවැරදියි. මේ පැමිණිලිවලට අදාළ සැකකරුවන් 108 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. වාහන 14ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙහිදී විශේෂයෙන්ම මෙවර මැතිවරණය තුළ ප්‍රචණ්ඩ තත්ත්වයේ සිදුවීම් නොමැති තරම් අනෙක් කාලයන්ට සාපේක්ෂව.
මම හිතනවා මේ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවත්වාගෙන යනවා නම් මහජනතාවට මෙවැනි ප්‍රශ්න කිරීමක් අවශ්‍ය වන්නේ නෑ. ජනතාව ප්‍රශ්න කරනවා නම් අපි ආහාර ගෙනත් තියා ගන්න ඕනේ ද? හෙට අනිද්දා ප්‍රශ්නයක් වෙයි ද කියලා. සෑම පුරවැසියෙක්ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දෙමින්, නීතියට අනුගතව කටයුතු කළොත් එසේ පැනයක් ඇසිය යුතු නෑ. පොලීසිය අවශ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන් සපයලා තියෙනවා. මහජනතාවගේ කොටස නීතියට අනුගතව කරානම් එවැනි ආකාරයට පෝස්ට්, ප්‍රශ්න කිරීම් අවශ්‍ය නෑ."
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.