තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ.
ඒ අනුව එස්.එම් චන්ද්‍රසේන, පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය අත්හිටවූ බව සඳහන් කරමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතු ලිපි නිකුත් කර ඇත.
පසුගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.



ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.