අලුත් අවුරුදු සමයේ දී භාණ්ඩ මිලදී ගැනීම , ගෙවීම් කටයුතු සිදුකිරීම ඇතුළු අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කරමින් ගනුදෙනු සිදුකිරීමේ දී ජනතාවගේ මුදල් හා තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

පසුගිය වසර වලදී පොලිස් ස්ථාන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වූ පැමිණිලිවල ඉහළ යාමක් ද සිදුව ඇති බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

වංචාසහගත දැන්වීම් , වංචනික සබැදි , ව්‍යාජ වෙළද සේවා වෙබ් අඩවි , ව්‍යාජ බැංකු දීමනා , ව්‍යාජ බැංකු වෙබ් අඩවි වැනි ක්‍රමවේද තුළින් අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වංචා සිදුවන බවට හදුනාගෙන ඇත.

මෙවැනි වංචා ප්‍රවර්ධනය කිරීමේ දී ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමේ උපක්‍රම භාවිත කරන බැවින් ඒ පිළිබඳ දැඩි අවදානය යොමු කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.