තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අලුත් අවුරුදු සමයේ දී භාණ්ඩ මිලදී ගැනීම , ගෙවීම් කටයුතු සිදුකිරීම ඇතුළු අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කරමින් ගනුදෙනු සිදුකිරීමේ දී ජනතාවගේ මුදල් හා තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
පසුගිය වසර වලදී පොලිස් ස්ථාන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වූ පැමිණිලිවල ඉහළ යාමක් ද සිදුව ඇති බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.
වංචාසහගත දැන්වීම් , වංචනික සබැදි , ව්‍යාජ වෙළද සේවා වෙබ් අඩවි , ව්‍යාජ බැංකු දීමනා , ව්‍යාජ බැංකු වෙබ් අඩවි වැනි ක්‍රමවේද තුළින් අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වංචා සිදුවන බවට හදුනාගෙන ඇත.
මෙවැනි වංචා ප්‍රවර්ධනය කිරීමේ දී ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමේ උපක්‍රම භාවිත කරන බැවින් ඒ පිළිබඳ දැඩි අවදානය යොමු කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.