ජපාන මහ මැතිවරණය : සනයි තකයිචිගේ පාලක පක්ෂයට ඓතිහාසික ජයක්
ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆේස්බුක්, එක්ස් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් තහනම් කිරීමේ තීරණයට එරෙහිව කත්මණ්ඩු හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල රැස්වූ "Gen Z" ලෙස හඳුන්වා ගත් විරෝධතාකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩාවැදීමට උත්සහ කිරීමත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට නේපාල පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇත.
නේපාලයේ සන්නිවේදන අමාත්‍ය ප්‍රිතිවි සුබා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පොලිසියට බලය යෙදවීමට සිදු වූ බව යි - ඊට ජල ප්‍රහාරක, බැටන් පොලු සහ රබර් උණ්ඩ ප්‍රහාර ඇතුළත් විය.
ව්‍යාජ ප්රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කළ යුතු බව රජය පවසා තිබේ.
නියමිත කාල සීමාව තුල දී නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට වග බලා නොගැනීම නිසා සමාජ මාධ්‍ය වේදිකා 26 ක් අවහිර කිරීමට පසුගිය සතියේ එරට බලධාරීන් නියෝග කළේය.
පරිශීලකයන්ට ඉකුත් සිකුරාදා පටන් මෙම වේදිකාවලට ප්‍රවේශ වීමට අපහසු වී තිබූ නමුත් සමහරු තහනම මඟ හැරීමට VPN භාවිතා කරති. තහනමෙන් පසු අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ සමාජ මාධ්‍ය වේදිකා දෙකක් නැවත සක්‍රිය කිරීමට ද නේපාල රජය කටයුතු කර තිබුණි.
නේපාල රජය පවසන්නේ එය හුදෙක් සමාජ මාධ්‍ය තහනමක් නොවන බවත්, සමාජ මාධ්‍ය වේදිකා නේපාල නීතියට අනුකූලව ගෙන ඒමට දරන උත්සාහයක් බවත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
ගුවන් යානා අනතුරකින් ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් සහ තවත් සිව් දෙනෙක් මිය ගොස් තිබේ.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.