ජනපති හෙට නීතිඥ සංගමය හමුවෙයි
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
චීන ආධාර යටතේ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කලාකරුවන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සිටින කලාකරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කලාකරු සබඳතා අංශයට රැගෙනවිත් භාරදීම හෝ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ හැකිය.
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026 අගෝස්තු 25 දින වේ.
අයදුම්පත යොමු කළ යුතු ලිපිනය
සංස්කෘතික අධ්යක්ෂ
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
8 වන මහල, සෙත්සිරිපාය
බත්තරමුල්ල
වැඩි විස්තර හා අයදුම්පත බාගත කර ගැනීමට මෙම දිගුවෙන් පිවිසෙන්න.
නැතහොත් සංස්කෘතික කටයුතු වෙබ් අඩවිය වන www.culturaldept.gov.lk වෙත පිවිස එහි ඇති පුවත් තීරුව වෙත පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
සම්මානලාභී හොලිවුඩ් නිළියක මෙන්ම ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ තානාපතිවරියක වන රොසමුන්ඩ් පයික්, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඉහළින් අගය කරමින් එය ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස හඳුන්වා තිබේ.
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසයි.