ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
අවතැන් පලස්තීන ජාතිකයින්ට නවාතැන් සපයන පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් 80 දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.
මියගිය සහ තුවාල ලැබූ ගණන තහවුරු කළ නොහැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඊශ්‍රායලය පසුගිය සති කිහිපය තුළ ගාසා තීරයේ එවැනි ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළේය.
අල්-ටබායින් පාසල "ක්‍රියාකාරී හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් හමුදා මධ්‍යස්ථානයක් ලෙස" පවත්වාගෙන ගිය බවත් එහි ආසන්න වශයෙන් "සටන්කාමීන්" 20 ක් ක්‍රියාත්මක වූ බවත් ප්‍රහාරය සාධාරණිකරණය කරමින් ඊශ්‍රායල ආරක්ෂක බලකායේ (IDF) ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.