මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.

තරගාවලිය ජුලි 17 වනදා සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමටයි නියමිත යි.

ඒ අනුව, මෙවර තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය 2024 වාරයේ ශූරයන් සහ අනුශූරයන් බවට පත් වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර කොළඹ SSC පිටියේදී පැවැත්වෙනු ඇත.

කොළඹ SSC ක්‍රීඩාංගණය, කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙවර තරග පැවැත්වීමට නියමිතයි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.