ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
2024 ඔලිම්පික් තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11ට ආරම්භ කිරීමට නියමිත ය.
ඔලිම්පික් ඉතිහාසයේ මුල් වරට සමාරම්භක උත්සවය ක්‍රීඩාංගණයක නොපැවැත්වෙන අතර ඒ වෙනුවට ලොව සෑම ජාතියක්ම නියෝජනය කරමින් ප්‍රංශයේ සෙයින් නදිය ඔස්සේ බෝට්ටු 100කට ආසන්න ප්‍රමාණයක පෙළපාළියකින් සමාරම්භක උලෙළ වර්ණවත් කිරීමට සැලසුම් කොට තිබේ. ක්‍රීඩා උලෙළට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රටවල ජාතික ධජ ප්‍රදර්ශනය කරමින් එම බෝට්ටුවල නැඟී ගමන් කිරීම විශේෂත්වයක් වේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ක්‍රීඩා උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ක්‍රීඩා උලෙළ විවෘත කිරීමට නියමිතය.
ලොව රටවල් 206කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,500 ක් මෙවර ඔලිම්පික් උලෙළට එක්ව සිටින අතර, එයින් බොහෝ දෙනෙක් අද පැවැත්වෙන සමාරම්භක උලෙළට එක්වීමේ සූදානමින් සිටිති. ස්වේච්ඡා සේවකයන් 45,000ක් සහ ලොව ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදිහු 20,000ක් පැරිස් ක්‍රීඩා මාධ්‍ය ආවරණයට එක්ව සිටිති. දින 18ක් පුරා ක්‍රීඩා ඉසව් 32කට අදාළව රන් පදක්කම් 329ක් බෙදා දීමට මෙවර ඔලිම්පික් උලෙළේ කටයුතු සූදානම් කොට ඇත.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6ක් හා නිලධාරීහු 9ක් මේ වන විට ක්‍රීඩා ගම්මානයට පැමිණ සිටින අතර, ශ්‍රී ලංකා ධජය රැගෙන හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ ඇතුළු කණ්ඩායම සමාරම්භක උලෙළේ ගමන් කිරීමට සූදානමින් සිටිති.
පැරිස් නුවර මේ වන විට දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.