ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
සංචාරක ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු (2/22), මහීෂ් තීක්ෂණ (2/29) හා වනිඳු හසරංග (2/33) කඩුලු 2 බැගින් දවාගත්හ.
ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 163ක් පමණි.
එහිදී අගනා පිතිහරඹයක නිතර වූ පැතුම් නිස්සංක පන්දු 60කට මුහුණ දෙමින් ලකුණු 90ක් රැස්කළේය. කුසල් මෙන්ඩිස් ලකුණු 47ක් රැස්කළේය.
තරග තුනකකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1 - 0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ.
2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.