මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කරන බව තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය සමග පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාව දී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සමීක්ෂණ කටයුතු ජූලි මස 15 වැනි දා නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුව ද කඩිනමින් දෙවැනි අදියරේ ප්රතිලාභ ගෙවීම ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් හැකි සෑම දිස්ත්‍රික්කය ම එම කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කිසියම් පාර්ශවයක් සුදුසුකම් නොමැතිව අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නේ නම් ඒ බව තහවුරු කර ගැනීම සඳහා සුදුසුම අවස්ථාව මෙය බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ අතර තව දුරටත් අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු නොකළ පිරිසට ඉදිරි සතිය තුළ එම අවස්ථාව උදා වන බව අමාත්‍යවරයා කියා සිටියේ ය. දෙවැනි අදියර සඳහා මේ වන විට අයදුම්පත් 475,000ක් පමණ ලැබී තිබේ. ඉන් අයදුම්පත් 450,000ක පමණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති අතර යම් යම් අඩුපාඩු සහිතව පුරවන ලද ඉතිරි අයදුම්පත් 25,000ක පමණ ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇති බව අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ පවුල් ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්රතිලාභ ලබා දීම රජයේ අපේක්ෂාව බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති අතර වඩාත් සුදුසුම කණ්ඩායම වෙත ප්රතිලාභ ලබා දීමට හැකි සෑම පියවරක් ම ගන්න බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.