ආමාශය තුළ අයිස් ප්‍රවාහනය කළ අධිවේගී බස් රියදුරෙකු මරුට
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කරන බව තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාව දී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සමීක්ෂණ කටයුතු ජූලි මස 15 වැනි දා නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුව ද කඩිනමින් දෙවැනි අදියරේ ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් හැකි සෑම දිස්ත්‍රික්කය ම එම කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කිසියම් පාර්ශවයක් සුදුසුකම් නොමැතිව අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නේ නම් ඒ බව තහවුරු කර ගැනීම සඳහා සුදුසුම අවස්ථාව මෙය බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ අතර තව දුරටත් අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු නොකළ පිරිසට ඉදිරි සතිය තුළ එම අවස්ථාව උදා වන බව අමාත්‍යවරයා කියා සිටියේ ය. දෙවැනි අදියර සඳහා මේ වන විට අයදුම්පත් 475,000ක් පමණ ලැබී තිබේ. ඉන් අයදුම්පත් 450,000ක පමණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති අතර යම් යම් අඩුපාඩු සහිතව පුරවන ලද ඉතිරි අයදුම්පත් 25,000ක පමණ ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇති බව අමාත්‍යවරයා පැවැසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ පවුල් ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම රජයේ අපේක්ෂාව බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති අතර වඩාත් සුදුසුම කණ්ඩායම වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි සෑම පියවරක් ම ගන්න බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව සීමා පනවමින් ශ්‍රී ලංකාව ඇතුළු අනුමත රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් බඳවා ගැනීම සඳහා කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.