තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රිකකයෙන් අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ දිලිත් ජයවීර පාර්ලිමේන්තු අසුනට පත්කිරීමට එම පක්‍ෂයේ විධායක කමිටුවේ ඒකමතික අනුමැති හිමිවූ බව එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.
දිලිත් ජයවීර සර්වජන බලය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නමුත් එම දිස්ත්‍රික්කයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ඡන්ද 25,939 ක් පමණක් බැවින් මන්ත්‍රී ධුරයක් හිමිවූයේ නැත.
කෙසේවෙතත් සර්වජන බලයට දිවයින පුරා දිස්ත්‍රික්කවලින් ඡන්ද 178,006 ක් ලැබී ඇති හෙයින් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.