තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රිකකයෙන් අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ දිලිත් ජයවීර පාර්ලිමේන්තු අසුනට පත්කිරීමට එම පක්‍ෂයේ විධායක කමිටුවේ ඒකමතික අනුමැති හිමිවූ බව එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.
දිලිත් ජයවීර සර්වජන බලය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නමුත් එම දිස්ත්‍රික්කයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ඡන්ද 25,939 ක් පමණක් බැවින් මන්ත්‍රී ධුරයක් හිමිවූයේ නැත.
කෙසේවෙතත් සර්වජන බලයට දිවයින පුරා දිස්ත්‍රික්කවලින් ඡන්ද 178,006 ක් ලැබී ඇති හෙයින් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.