22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගැනීම සඳහා ආසන 113ක් හිමි කර ගත යුතු වනවා.
එය සරල බහුතරය යනුවෙන් ද හඳුන්වනවා. පරම බහුතරය නැතහොත් තුනෙන් දෙකක බලය ලබා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ ආසන 225 න් ආසන තුනෙන් දෙකක බලය ලබා ගන්න ඕනේ.
එනම් 150ට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගත යුතු වනවා.
පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කර ගැනීම සරල බහුතරය තුළින් ද කරන්න පුළුවන්.
නමුත් ව්‍යවස්ථාවට අදාළ අණ පනත් හෝ සංශෝධන ගෙන ඒමේදී තුනෙන් දෙකක බහුතර බලයක් තිබීම ආණ්ඩුවකට වැදගත්.
එහෙත් එය අසීමිත බලයක් වීම නිසාත් මෙරට පෙර පැවති ආණ්ඩු එය භාවිත කළ ආකාරය නිසාත් බොහෝ පාර්ශව තුනෙන් දෙකක බහුතර බලය ආණ්ඩුවකට හිමිවීම පිළිබඳ බිය පළ කරනවා.
ඒ, එය හරවත් කාර්යයන්ට වඩා සෘණාත්මක දෑ සඳහා උපයෝගී කරගත් බවට ඉතිහාසය සාක්ෂි දැරීම හෙතුවෙන්.
රජයක් මගින් අණ පනත් අලුතින් හඳුන්වා දීමේ දී ඒවා ගැසට් කරනවා.
අනතුරුව සති දෙකක් තුළ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හෝ අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමට ඕනෑම පාර්ශවයකට හැකියාව තියෙනවා.
ඒ අනුව අදාළ අණපනත් සරල බහුතරයකින් සම්මත විය යුතුද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු ද, නැතහොත් ජනමත විචාරයකින් සම්මත කර ගත යුතු ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.