ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ 6ක් මරුට
දකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයා සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවය.
කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ පවසා ඇත්තේ හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ ටෙහෙරාන් අගනුවර විරෝධතාවක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිසුන් පෙරමුණ ගෙන ඇති මෙම විරෝධතාවයේ දී ලෙබනනය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ලකරන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනතාව සිය විරෝධය පළ කර තිබේ.
හිස්බුල්ලා සංවිධානයේ මෙන්ම හමාස් සංවිධානයේ නායකයින්ගේ සහ ඉරාන නායකයින්ගේ රුව රැගත් පෝස්ටර් අතැතිව පිරිස විරෝධතාවේ නිරත ව තිබුණි.
ටෙහෙරාන් අගනුවර පැවති විරෝධතාවට සමගාමීව නගර රැසකදීම විරෝධතා පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එසේම, ලෙබනනය ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් 15 දෙනකු මියගොස් ඇති බව ලෙබනනයේ මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.