පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක ටෙස්ට් ක්‍රිකට් වර්තාව සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (18) සමත් විය.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර මේ වනවිට ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදීයි.

පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිඩකයෙකු වූ  සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ඉනිමකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කිරීමට සමත් වී තිබුණි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.