ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට සේවකයින්ට ඉඩ ලබාදෙන "right to disconnect" නොහොත් "විසන්ධි කිරීමේ අයිතිය" යන නීතිය අද සිට (26) ඔස්ට්‍රේලියාව තුළ බලාත්මක කෙරේ.
එම නව නීතිය අනුව සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට හැකි අතර ඊට ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බව වේ.
ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ, සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දුන් බවය.
මෙම නව නීතිය කඩවීමක් සිදුවුවහොත් ඒ සඳහා වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයකට යටත්වීමට සිදුවන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවට අමතරව මීට පෙර සිටම තවත් යුරෝපයේ රටවල් 20ක පමණ මෙම නීතිය අනුගමනය කරයි.
COVID-19 වසංගතයෙන් පසු ඩිජිටල් සන්නිවේදනය සහ දුරස්ථව වැඩකිරීම වර්ධනය වීම මධ්‍යයේ මිනිසුන්ගේ වෘත්තීය සහ පුද්ගලික ජීවිත අතර සීමාවන් බිඳ දමා ඇති බව ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ඔස්ට්‍රේලියානුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පැය 281ක් පමණ අමතර කාලයක් කිසිදු ගෙවීමකින් තොරව රාජකාරි සිදුකර ඇති බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.