යෝධසිංහ අවසන් පූර්ව වටයට
චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වන දිනයේ (24) දී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව, එංගලන්තයේ මැන්චෙස්ටර්හි ඕල්ඩ් ටැෆර්ඩ් ක්රීඩාංගනයේ දී ශතකයක් වාර්තා කිරීමට සමත්වූ -2002 වසරේ දී රසල් ආනල්ඩ් ගෙන් පසු- දෙවැනි ශ්රී ලාංකිකයා ලෙස කමිඳු මෙන්ඩිස් වාර්තා පොත් අතරට එක්විය.
තරගයේ සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 326ක් ලබාගත්තේ ය. තේ පානය සඳහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 82ක් රැස් කරගෙන සිටියේ ය.
තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 236ක් රැස්කළේය. එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.
මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
සංචාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.