ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 110ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (07) පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.
ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමව අවසන් වුවත්, ඉතිරි තරගය දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.
මීට පෙර ඔවුන් එක්දින තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම පරාජය කර තිබුණේ 1997 වසරේදී වූ අතර, එවර ඔවුන් තරග 3-0කින් ඉන්දියාව පරාජය කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ.
2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.