2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (28) පැවැති පන්දුවාර 20 දෙවැනි තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
ඒ කඩුළු 07කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.
වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය ආරම්භ කිරීම පමා වූ අතර, තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් රැකීම තෝරාගත් නිසා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 161ක් රැස් කිරීමට සමත් විය.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී යාමෙන්.
ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 32ක්ද, කුසල් පෙරේරා ලකුණු 54ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 10ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 26ක්ද, රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී රවි බිෂ්නෝයි කඩුළු 03ක්ද, හර්දික් පාණ්ඩ්‍යා,අර්ෂ්දීප් සිං සහ අක්සාර් පටෙල් කඩුළු 02 බැගින්ද, දවා ගැනුණි..
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දු තුනක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේදී පිටියට ඇඳහැළුනු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වා දැමුණි.
යළිත් ආරම්භ වූ තරගය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 06යි පන්දු 03කදී ලකුණු 81ක් ලබා ගනිමින් දෙවැනි තරගයේ ජය වාර්තා කරමින් තරග තුනකින් සමන්විත සමස්ත පන්දුවාර 20 තරගාවලියේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
පන්දුවට පහරදීමේදී යෂස්වි ජයිස්වාල් ලකුණු 30ක්ද, නායක සූර්යකුමාර් යාදව්ලකුණු 26ක්ද, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 22ක්ද රැස් කර ගැනුනි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය එළඹෙන 30 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේවසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.