2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බලනු ඇත.
ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ඉදිරි දින කීපයේදී ගනු ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බැලීමට තීරණය කළ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍යවරයාගේ, ඔහුගේ බිරිඳගේ, දියණියන් තිදෙනාගෙ සහ බෑණාගේ ස්ථාවර තැන්පතු 16ක්, රක්ෂණ ඔප්පු තුනක් එළඹෙන ඔක්තෝබර් 4 වැනිදා දක්වා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.
(lankadeepa.lk - රංජිත් පද්මසිරි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.