ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බලනු ඇත.
ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ඉදිරි දින කීපයේදී ගනු ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බැලීමට තීරණය කළ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍යවරයාගේ, ඔහුගේ බිරිඳගේ, දියණියන් තිදෙනාගෙ සහ බෑණාගේ ස්ථාවර තැන්පතු 16ක්, රක්ෂණ ඔප්පු තුනක් එළඹෙන ඔක්තෝබර් 4 වැනිදා දක්වා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.
(lankadeepa.lk - රංජිත් පද්මසිරි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.