තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2022 වසරේ මෙරට සිදු වූ කඩා වැටීමේ පළමු සහ එකම වග උත්තරකරුවා ගෝඨාභය රාජපක්ෂ ලෙස පෙන්වා දීමට උත්සහ කළ ද එම කඩා වැටීමට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැහැදිලි කළේ ඊයේ (4) පැවති විසිවන සියවස, ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පොත එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.
එක්තරා කාල සීමාවක සිට මෙරට බිහිවීමට පටන් ගත් දූෂිත ත්‍රාඩ පැළැන්තියක් විසින් එම ව්‍යසනය නිර්මාණය කළ බව ඔහු සඳහන් කරනවා.
ලෝකය වෙනස් වෙමින් ඉදිරියට යන විට මෙම ත්‍රාඩ පැළැන්තිය රට ආපස්සට ගෙන ගිය ආකාරය ඔහු පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2022 වසර යනු විසිවන සියවස මඟ හරිමින් පැමිණි ගමන් මගේ අනිවාර්ය ප්‍රතිඵලය බවයි.
ගෝඨාභය යනු එම ව්‍යසනය කර පින්නාගෙන ආ 2021-22 වසරවල නියෝජිතයා පමණක් බව ඔහු මෙහිදී සඳහන් කළා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.