තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයක් කිට්ටු වනවිට දහතුන් වැනි සංශෝධනය දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම නතර කළ යුතු බවද ප්‍රකාශ කළේය.
උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව උතුරට ගොස් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට මන්ත්‍රීවරයාට පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මේ අය අඩු තනමින් උතුරේ සංවර්ධනය ගැන වත් කතා නොකළ බවද ප්‍රකාශ කළේය.
උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වැනි සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ රජය බවද ඔහු සිහිපත් කළේය.
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ ගැන කනගාටු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.