හිරේ ඉඳන් නාමල් එවූ විශේෂ පණිවිඩය මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයක් කිට්ටු වනවිට දහතුන් වැනි සංශෝධනය දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම නතර කළ යුතු බවද ප්‍රකාශ කළේය.
උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව උතුරට ගොස් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට මන්ත්‍රීවරයාට පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මේ අය අඩු තනමින් උතුරේ සංවර්ධනය ගැන වත් කතා නොකළ බවද ප්‍රකාශ කළේය.
උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වැනි සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ රජය බවද ඔහු සිහිපත් කළේය.
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ ගැන කනගාටු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 01 සිට 11 දක්වා කාල සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 63ක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.
මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැරිසරන මුවන් දඩයම් කර මරා දැමීමෙන් අනතුරුව එම මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැකපිට ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.