පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා අනුමත කළ ඇ.ඩො .මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තුතිය පළ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන බලශක්ති විශේෂඥයකු වන ජේම්ස් කොලන්තරාජ් ප්‍රකාශ කළ පරිදි මෙම ආධාර වැඩසටහන මෙරට නව පනතට අනුව විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට මෙන්ම නියාමන කටයුතුවලට විදුලිබල ක්ෂේත්රයේ තිරසාර මෙහෙයුම් කටයුතුවල වෙනුවෙන් සහය පළ කරනු ඇත.
එමෙන්ම මෙම ආධාර වැඩසටහන මගින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වේගවත් කිරීමට මෙන්ම තිරසාර හරිත බලශක්ති උත්පාදනය වෙනුවෙන් සංක්‍රමණය වීමට ද සහාය වනු ඇත.
එලෙසම මෙම ආධාර වැඩසටහන මගින් විදුලිබල ක්ෂේත්රයේ බිහිවන නව ආයතන ස්ථාපනය කිරීමටත් ඒවා නියාමනයටත් නව ගාස්තු ක්‍රමය සහ විදුලිය මිල දී ගැනීමේ ගාස්තු සම්බන්ධ ජාතික ප්‍රතිපත්තික් නිර්මාණය කර වියදම් නිරූපණය වන අයක්රමක් නිර්මාණය කර මූල්‍ය ශක්තිය ස්ථාවර කර ගැනීමටත් මහෝපකාරී වනු ඇත.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ආයෝජන වේගවත් කිරීමට මෙන්ම ඒ හරහා 2023- 2030 පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්කය සපුරා ගැනීමට ද මෙම ආධාර උපකාරී වේ.
එමෙන්ම කුඩා විදුලිබල උත්පාදනය ව්‍යාපෘති වෙනුවෙන් සහ වහල මත ඉදිවන සූර්ය පැනල වෙනුවෙන් වන විදුලිය මිල දී ගැනීමේ අයක්‍රමය වරින්වර යාවත්කාලීන කිරීම, ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය එක්කරගැනීමේ අවකාශය පුළුල් කිරීම හා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් වන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීම, මෙම ආධාර වැඩසටහන සඳහා වූ මුල පිරීමකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.