2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා අනුමත කළ ඇ.ඩො .මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තුතිය පළ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන බලශක්ති විශේෂඥයකු වන ජේම්ස් කොලන්තරාජ් ප්‍රකාශ කළ පරිදි මෙම ආධාර වැඩසටහන මෙරට නව පනතට අනුව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට මෙන්ම නියාමන කටයුතුවලට විදුලිබල ක්ෂේත්‍රයේ තිරසාර මෙහෙයුම් කටයුතුවල වෙනුවෙන් සහය පළ කරනු ඇත.
එමෙන්ම මෙම ආධාර වැඩසටහන මගින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වේගවත් කිරීමට මෙන්ම තිරසාර හරිත බලශක්ති උත්පාදනය වෙනුවෙන් සංක්‍රමණය වීමට ද සහාය වනු ඇත.
එලෙසම මෙම ආධාර වැඩසටහන මගින් විදුලිබල ක්ෂේත්‍රයේ බිහිවන නව ආයතන ස්ථාපනය කිරීමටත් ඒවා නියාමනයටත් නව ගාස්තු ක්‍රමය සහ විදුලිය මිල දී ගැනීමේ ගාස්තු සම්බන්ධ ජාතික ප්‍රතිපත්තික් නිර්මාණය කර වියදම් නිරූපණය වන අයක්‍රමක් නිර්මාණය කර මූල්‍ය ශක්තිය ස්ථාවර කර ගැනීමටත් මහෝපකාරී වනු ඇත.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ආයෝජන වේගවත් කිරීමට මෙන්ම ඒ හරහා 2023- 2030 පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්කය සපුරා ගැනීමට ද මෙම ආධාර උපකාරී වේ.
එමෙන්ම කුඩා විදුලිබල උත්පාදනය ව්‍යාපෘති වෙනුවෙන් සහ වහල මත ඉදිවන සූර්ය පැනල වෙනුවෙන් වන විදුලිය මිල දී ගැනීමේ අයක්‍රමය වරින්වර යාවත්කාලීන කිරීම, ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය එක්කරගැනීමේ අවකාශය පුළුල් කිරීම හා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් වන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීම, මෙම ආධාර වැඩසටහන සඳහා වූ මුල පිරීමකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.