ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
සෙසු ප්‍රදේශවලට ප.ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
එමෙන්ම මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
තවද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.