දඹදිව වන්දනාවේ යන ලාංකිකයින්ට නොමිලේ වීසා
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් පවසයි.
"මාර්ගය දෙපැත්තෙන්ම අපි වහලා තියෙන්නේ. අපි උත්සාහා කරනවා ඉරිදා දින හවස්වරුව වෙනකොට කොහොම හරි මේක විවෘත කරගන්න. මොකද ලොකු ගල් කුට්ටියක් තාම අස්ථාවර විදිහට තියෙන්නේ. ඒක කොන්ක්‍රීට් කණු උඩ රැඳිලා තියෙන්නේ. සමහරවිට ඒක නැවතත් පහළට පතිත වීමේ ඉඩක් තියෙනවා. ඒ නිසා මාර්ගය දැනට විවෘත කරන්න තරම් අපිට ආරක්ෂාකාරී නෑ. ඒ නිසා අපි පොලිස් නිලධාරීන් යොදවලා එන වාහන අතුරුමාර්ග වෙත යොමු කරලා ගමන් පහසුව සලසා දී තිබෙනවා.
ඒ වගේම සඳුදා දිනයේ අපිට ගැටලුවක් තියෙනවා උසස් පෙළ සිසුන් විභාගය සඳහා යන දරුවන් එනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මාර්ගයේ කොටසක් විවෘත කරලා, මාවනැල්ල ඩිපෝවෙන් බස් රථ ආරම්භ කරලා ඒ දරුවන් සහ විශේෂයෙන්ම ගුරු භවතුන් සඳහා මාර්ගයේ කොටසක් හෝ විවෘත කරලා දෙන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.