ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී (16) යළි ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් ඊට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
කෙසේ වෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට දිනයේ දී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.
නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක්
පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිළ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
නොවැම්බර් ලංගම වාර ප්‍රවේශ පත්‍රය දෙසැම්බර් මාසයටත් වලංගුයි
පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් දෙසැම්බර් මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත.
ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බව ද ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.