රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කෙරිණ.
ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා 2025 අගෝස්තු මස 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ.
පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව, කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් රනිල් වික්‍රමසිංහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කළ අතර, නඩුව 2025 ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කළේ ය.
එම දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී, ඊට අදාළ විමර්ශන 2026 ජනවාරි 28 වැනිදා වනවිට අවසන් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ ය.