තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
රට පුරා මේ දිනවල සිදුවන්නේ විදුලිය කපා හැරීම් නොව හදිසි විදුලිය බිඳ වැටීම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
මුජිබර් රහුමාන්
ඒ කියන්නේ නොදන්නවා කපාගෙන යනවා. දැන් මේ ඊයෙත් මේ කොළම නගරයේ යම් ප්‍රදේශ වල පැය දෙකක් විදුලිය කැපුවා. සමහර තැන්වල පැය භාගයක් කැපුවා. ඊයේ මම හිතන්නේ මේ කොළඹ හත විපක්ෂ නායක කාර්යාලය අවටත් පැය භාගයටත් වඩා වැඩි වලා දවල් කාලේ විදුලිය කපාදු කරා ඉතින් ඇයි මේ මේ දැනුම් නොකර කපන්නේ.
බලශක්ති ඇමති:
"මම හිතනවා මෙතුමන්ලා හොඳටම මේ ගැන අවබෝධයක් තියෙනවා. මෙතන ජනතාව නොමග යවන්න මේ මතු කරන ප්‍රශ්න. යම් යම් බිඳ වැටීම් නිරන්තරව සිදු වෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒවට අවශ්‍ය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අනුව යම් යම් වෙලාවට පොඩි වෙලාවල් ඇතුලත බිඳ වැටීම් සිදු වෙනවා. ඒවා අපි ක්ෂණිකව ඉතා කෙටි කාලයක් ඇතුලත නැවත යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ හින්දා ඒක කපා හැරීමක් නොව බිද වැටීමක් කියලා සඳහන් කරගත්තොත් හොඳයි කියලා මම යෝජනා කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.