ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට වසර දෙකක් ගතවීම සැමරීම වෙනුවෙන් ආරම්භ කෙරෙන රැලි මාලිමාවේ පළමු රැලි ද්විත්වය අද (06දා) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් කළුතර බේරුවල සහ බුලත්සිංහල දී පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලි මාලාව ලබන නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එක් එක් දිස්ත්‍රික්කයේ ප්‍රධාන රැලි දෙක බැගින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව, අදින් ආරම්භ වන රැලි මාලාවේ මීළඟ රැලිය ලබන 12 වැනිදා පොළොන්නරුවේදී පැවැත්වෙන අතර, 13 වැනිදා අනුරාධපුරයේදීත්, 20 වැනිදා මාතරදීත්, 27 වැනිදා ගම්පහදීත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.