විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇදහැලෙමින් පවතින අධික වැසි හමුවේ අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පූවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
කාලගුණය අයහපත් වීම හේතුවෙන් වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් විශේෂයෙන් පැයට කිලෝමීටර් 60 වේගසීමාවේ ධාවනයේ යෙදෙන ලෙසත් දැනුම්දෙයි.
වාහන දෙකක් අතර පරතරය තබාගන්නා ලෙසත් එකවරම තිරිංග භාවිතයේදී අනතුරුදායක ලෙස රථය ලිස්සා යාහැකි බැවින් ඒ පිළිබඳව අවබෝධයෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට උපදෙස් දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.