මාසිකව සිදු කරන‍ මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය රජය විසින් ගනු ඇති බවයි.

මේ අතර ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අද මධ්‍යම රාත්‍රීයේදී සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.