තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා පළාත් මට්ටමින් ඒකක නවයක් පිහිටුවීමේ කටයුතු ඉදිරියේදි සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ සඳහන් කර තිබේ.
පසුගිය කාලයේ මෙම කටයුතු කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් පැවතුනු අතර මේ වනවිට එම කාර්ය මණ්ඩලය බඳවාගෙන අවසන් බවයි සභාපතිවරිය ප්‍රකාශ කර ඇත්තේ.
මේ වන විට දරුවන්ගේ සාක්ෂි පටිගත කරන්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රාගම රෝහලේ පිහිටි ඒකක දෙකක බවයි සඳහන් කළේ.
අනුරාධපුරයේ හා ගාල්ලේ රෝහල් ඒකකවල එම පටිගත කිරිම් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ සපුරා ගැනීමට අධිකාරියට හැකියාව ලැබුණු බවත් ඇය සඳහන් කළාය.
ඉදිරියේදි එම පළාත් දෙකෙහිද, අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම් සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
ජාතික ළමාරක්ෂක අධිකාරියට මෙම කටයුතු සිදුකිරීමට කැබිනට් අනුමැතිය ලබා දී මේ වනවිට පස් වසරකට ආසන්න කාලයක් බවයි සඳහන්.
නමුත් මේ දක්වා ආරම්භ කර ඇත්තේ ඒකක දෙකක් පමණයි.
පළාත් මට්ටමින් මෙම ඒකක පිහිටුවා සාක්ෂි පටිගත කිරීම් සිදුකර විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවටයි ජාතික විගණන කාර්යාලය සිදුකළ පරික්ෂණයකින් අනතුරුව පසුගියදා නිර්දේශ කර ඇත්තේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.