වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ නිවේදනයක් නිකුත් කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

​"මේ රටේ ගොවි ජනතාව ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න කිව්වම, ගොවියා කසිප්පුකාරයෙක් කියලා කියනවා. වී මිල ගැන ගොවියා කතා කරාම, 'නෑ අපි දෙන්නේ නෑ' කියලා කියනවා. පොහොර ටික වෙලාවට ගොවියාට ලැබෙන්නේ නෑ. ගොයම් කැපෙන කාලේ බලලා හාල් පිටරටින් ගේනවා.කිවුවෙ කොහොමද හාල් පිටරටින් ගේන්නෙ නෑ මේ තමයි හාල් ගේන අන්තිම අවුරුද්ද කියලා. අවසානයේ නගරයේ ජීවත් වෙන ඔබටවත් සාධාරණ මිලට හාල් ලැබෙන්නේ නෑ.

අපි දැක්කා පසුගිය සතියෙ ගොවීන් ආණ්ඩුවට කියනවා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් එකසිය හතළිහක් ඉල්ලනවා.පහුගිය කාලෙ ගොවීන් රජකමට සුදුසු නෑ කිවුවා ගොවියට එච්චර ගැරහීම් කලා.ඒ ගැන අහපුවහම  කිවුවා රජකමට සුදුසු උඩුනුවර යටිනුවර ගොවීන් කියලා තවත් අපහාස කලා.ආණ්ඩුව ගන්න කලින් නාමල් කරුණාරත්න කිවුවෙ රුපියල් 154 වී කිලෝවක් ගන්න කියලා.ආණ්ඩුව ගත්තම කියනවා ඒ ගාණට වී ගන්න බෑ කියලා.කෘෂිකර්ම ඇමති තර්ජනය කරනවා  ගොවීන් වී වලට මිලක් ඉල්ලුවහම. දැන්වත් තේරුම් ගන්න කියන්න ලේසියි කරනකොට අමාරුයි කියලා.

අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලයේ පොහොර මිටියක් රුපියල් තුන්සිය පනහකට දීලා වී වලටත් සහතික මිලක් ලබාදුන්නා.ඒ වවේම අපි වී අළෙවි මණ්ඩලය හරහා නිෂ්පාදන මිලදී ගත්තා හාල් මිලත් පාලනය කලා.නමුත් පහුගිය ආණ්ඩුව කාලෙ අපිට කාබනික පොහොර ගෙනල්ලා වැරදීමක් උනා.අපිට වඩා හොඳයි කියලා ගෙනාපු අයට වී මිලදී ගැනීමටවත් හරි ක්‍රමවේදයක් නෑ.මෝල් හිමියන්ට ඕනෙ විදියට වැඩ කරන්නෙ නෑ කියපු ජනාධිපතිවරයා මේසෙට ගහලා පාලන මිලටත් වඩා රුපියල් 10ක් මෝල් හිමියන් ඉස්සරහ වැඩි කලා.

​ජීවන වියදම අසීමිත විදියට වැඩි වෙනවා. අසීමිත බදු බරක් තියෙනවා. දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා  වගේම රටේ ජනතාවට දරාගන්න බැරි තැනට අද ආර්ථිකය පත් වෙමින් පවතිනවා.වහාම මේ සඳහා ආණ්ඩුව වැඩපිලිවෙල ගොවීන්ට හා මහජනතාව හමුවේ තැබිය යුතුයි."
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.