PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.
උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.
මේ අතර බස්නාහිර පළාතේ, ජල ගැලීම් හේතුවෙන් ආපදාවට ලක්වූ පාසල් සහ සුරක්ෂිතතා මධ්යස්ථාන ක්රියාත්මක වන පාසල් අදත් වසා දැමීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සඳහන් කළේ ඒ අනුව පාසල් 36ක් වසා තැබෙන බවයි.
රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල අධ්යාපන කාර්යාලයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් ද අදත් වසා දැමෙනු ඇත.
ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සුරක්ෂිතතා මධ්යස්ථාන ක්රියාත්මක පාසල් ද අද වසා තැබේ.
සෙසු පාසල් සාමාන්ය පරිදි පැවැත් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.