කලාපීය සංවර්ධනයන් සහ ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි , පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබේ.

මාර්තු 4වැනිදා ප්‍රහාරයෙන් පසු ඉරාන යුද නෞකාවක් වන ඩෙනා හි කාර්ය මණ්ඩලයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී කෘතඥතාව පළ කර ඇත.

මෙම සිද්ධියෙන් මියගිය නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ඔවුන්ගේ මව්බිමට ආපසු ගෙන ඒමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට ස්තූතිය පළ කළ බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි.

මෙම සංවාදය අතරතුර ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ කරුණු පිළිබඳව ද අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළ බව ඉරාන විදේශ අමාත්‍යංශය සදහන් කරයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.