සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"යුද්ධය කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවෙයි. ඒක අසාමාන්‍ය තත්වයක්. තෙල්මිල මේ විදියට වැඩිවීම සාමාන්‍ය තත්වයක් නෙමෙයි අසාමාන්‍ය තත්වයක්. ඉතින් ඒ අසාමාන්‍ය තත්ත්වයට ප්‍රායෝගිකව අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා."
"තෙල් සාමාන්‍යයෙන් 35000- 40,000 එක නැවක්. එතකොට නැව් එක හමාරක් විතර නැව් දෙකකට කිට්ටු වෙන්න ඩීසල් ප්‍රමාණයක් පහුගිය දවස් නමයක් ඇතුලත අපි පුච්චලා තියෙනවා. පෙට්‍රල් ගත්තොතින් නැව් එක හමාරක් විතර පුච්චලා තියෙනවා. මේ පුච්චලා තියෙන්නේ ඩොලර්. එතකොට මේක ඊළඟට බලපාන ආර්ථිකයට."
"අපි දන්නේ නැහැ අපි කොතනට යනවද අපේ කොතනට බෝම්බයක් වැටෙනවද? එතකොට මේ දේ සංචිත කොතනින් අවසන් වෙනවද කියලා දන්නේ නැහැ. වෙන රටවල් වගේම අපිත් සාමූහිකව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න එකතු වෙන්න ඕනේ."
"මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි ඉතාමත්ම දරුණු තත්ත්වයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. මේක සමනය වෙනකන් අපි සියලු දෙනා එකට එකතු වෙලා අධිෂ්ඨානයෙන් තමන්ගේ තෙල් අවම මට්ටමෙන් පරිභෝජනය කරලා මේ තත්ත්වයට මුහුණ දෙමු කියන එක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.