සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කරන මහා සඟ සමුළුව කොළඹ 7 පිහිටි, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී අද (20) පස්වරු 2.00 සිට පැවැත්වේ.

මව්බිම සුරැකීමේ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවේ ජාතිය, ආගම සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින මෙම සමුළුව කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් පවත්වන්නක් නොවන බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඕනෑම දේශපාලනඥයෙකුට හෝ සිවිල් පුරවැසියෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවත් ය.

බෞද්ධ මහා සම්මේලනය, කොළඹ තරුණ බෞද්ධ සංගමය සහ මව්බිම සුරැකීමේ සංවිධානය ඇතුළු සංවිධාන රැසක් මෙම සඝ සමුළුවට සහයෝගය දක්වයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.