විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 5කට අදාළ අස්ථි කොටස් අද (15) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය ආශ්‍රිත කැණීම් තුළින් අදාළ අස්ථි කොටස් ගොඩගත් බව ඔහු සඳහන් කළේය.
සමූහ මිනිවළ තුළ තිබු සියළු අස්ථි කොටස් අද (ජුලි 15වැනිදා) වන විට ගොඩගෙන අවසන් බවත් සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවත් ඔහු පැවසීය.

සමූහ මිනිවළ කැනීම් කටයුතු අවසන් කොට ඇති බවත් අවසන් වාර්තාව හෙට (16) දිනයේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කිරීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේය.
සමූහ මිනිවළ සම්බන්ධයෙන් කළ ස්කෑන් පරීක්ෂාව අනුව සමූහ මිනිවළ ආසන්නයේ පවතින මුලතිව් කෝකිලායි ප්‍රධාන මාර්ග සීමාවේද අස්ථි කැබලි ඇති බවට අනුමාන කෙරුණි.
සමූහ මිනිවළ තුන්වන අදියර වන විට මිනිස් සිරුරු 40 කට අදාළ අස්ථි ගොඩගෙන තිබු අතර, සිව්වන අදියරේදී අලුතෙන් තවත් මිනිස් සිරුරු 12 කට අදාළ අස්ථි කොටස් මතුකර ගත් බවද රාජ් සෝමදේව පැවසුවේය.


වෙඩි උණ්ඩ කිහිපයක්, කැළෑ ඇඳුමකට සමාන ඇදුම් කොටස්, කම්බි කොටස් කිහිපයක් හා LTTE සංවිධානයේ සාමාජිකයින් හඳුනාගැනීමට භාවිතා කළේ යැයි සැක කරන අංකය සහිත අංක තහඩුවක්, සයිනයිඩ් කරලක්ද සිව්වන අදියරේ කැණීම් වලින් මතුකර ගැණුනි.
සමූහ මිනිවළ ආශ්‍රිත අස්ථි කොටස් විහිදී ඇති බවට සැකකරන සමූහ මිනිවළ ආසන්නයේ පවතින මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය හෑරීමේ කටයුතු ජුලි 5 වැනිදා ආරම්භ කළ අතර මාර්ගයට අයත් සීමාවේ කැනීම් තුළින් මෙම අස්ථි කොටස් මතුකරගෙන තිබුණි.
මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව ඇතුළු කැනීම් නිළධාරීන් කණ්ඩායමක් විසින් කැනීම් සිදු කරනු ලබයි.

සමූහ මිනිවළ කැණීමේ තුන්වන අදියර වන විට මිනිස් සිරුරු 40 කට අදාළ අස්ථි ගොඩගෙන තිබු අතර, අලුතෙන් තවත් මිනිස් සිරුරු 12කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීමත් සමඟ මේ දක්වා සමූහ මිනිවළ තුළින් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේය.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.