හිරේ ඉඳන් නාමල් එවූ විශේෂ පණිවිඩය මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ත් මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයෙකු සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස පත්කර තිබේ.
අද (22) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක, දිලිත් ජයවීර විසින් අදාළ පත්වීම සිදුකළේය.
මාධ්‍ය හමුවට එක්වෙමින් අරුන් සිද්ධාර්ත්,
"මම හැමදාම කරපු ජාතිකවාද මතවාද, ශ්‍රී ලාංකිකයෙක් විදියට හැමදාම මේ රටට මට තියෙනවා ණයක්. මම දෙමළ වෙන්න පුළුවන් තව කෙනෙක් මුස්ලිම් වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මේක මගේ රට. මේ රට තමා මට අධ්‍යාපනය දුන්නේ. මේ රට තමා මට හැමදේම දුන්නේ. ඉතිං මේ රටට මට ණයක් තියෙනවා. ඉතිං මගේ මතවාදයට ගැලපෙන කඳවුරක් තමා මම බලාගෙන හිටියේ. ඉතිං මේ කඳවුර මම තෝරාගත්තා."
අරුන් සිද්ධාර්ථන් පසුගිය මාර්තු මස 21 වැනිදා යාපනයේ චෙල්වම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්‍ත්‍රික් සංවිධායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක අතින් පත්වීමේ ලිපිය ලබාගත්තා.
රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය සහයෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තමන් ලබා දෙන බව එහි දී අරුන් සිද්ධාර්ථන් පවසා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 01 සිට 11 දක්වා කාල සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 63ක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.
මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැරිසරන මුවන් දඩයම් කර මරා දැමීමෙන් අනතුරුව එම මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැකපිට ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.