මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරු, මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන හරහා මියන්මාරයේ රැකියා සඳහා අනීතිකව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයින් පිරිසක් එරට ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක නීති විරෝධි ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බැවින් එරට රැකියා සඳහා නීති විරෝධී මාර්ගවලින් යාමෙන් වළකින ලෙස මෙරට රජය සියලුම ශ්‍රී ලාංකිකයින්ට තරයේ අවවාද කරයි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් මෙවැනි අනතුරු ඇඟවීම් කරන ලද පසුබිමක ශ්‍රී ලාංකිකයන් 89 දෙනෙකු නීතිවිරෝධී ලෙස මියන්මාරයේ රැකියා සඳහා ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර මහත් පරිශ්‍රමයකින් අනතුරුව එයින් ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු මේ වනවිට නිදහස් කර ගැනීමට හැකිවී ඇති නමුත් මෙම සයිබර් අපරාධ ප්‍රදේශයේ තුළ තවමත් ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙකු කොටු වී සිටින බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.
ශ්‍රී ලංකා රජය මියන්මාර රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මෙලෙස සිරවී සිටින පිරිස නිදහස් කර ගැනීමට සෑම උත්සාහයක්ම ගනිමින් සිටින අතර මෙම අනතුරු ඇඟවීම් සහ ඔවුන් මුදා ගැනීමේ අඛණ්ඩ උත්සාහයන් නොතකා, ඇතැම් පුද්ගලයින් නීතිවිරෝධී මාර්ග හරහා රැකියා සඳහා මියන්මාරයට යාමට තවදුරටත් පෙලඹෙන බව නිරීක්ෂණය වන බවයි ඔහු කියා සිටින්නේ.
මෙම තත්වය සලකා බලා නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයට රැකියා සඳහා යාමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
තවද, පවත්නා තත්වය නොසලකා මෙවැනි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන පිළිබඳ තොරතුරු වහාම ආරක්ෂක අමාත්‍යාංශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.