තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නීති විරෝධී විදෙස් රැකියා ඒජන්තවරු, මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන හරහා මියන්මාරයේ රැකියා සඳහා අනීතිකව පිටත්ව ඇති ශ්‍රී ලාංකිකයින් පිරිසක් එරට ත්‍රස්තවාදී කණ්ඩායම්වල පාලනය යටතේ පිහිටි සයිබර් අපරාධ ප්‍රදේශයේ කඳවුරක නීති විරෝධි ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බැවින් එරට රැකියා සඳහා නීති විරෝධී මාර්ගවලින් යාමෙන් වළකින ලෙස මෙරට රජය සියලුම ශ්‍රී ලාංකිකයින්ට තරයේ අවවාද කරයි.
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය විසින් මෙවැනි අනතුරු ඇඟවීම් කරන ලද පසුබිමක ශ්‍රී ලාංකිකයන් 89 දෙනෙකු නීතිවිරෝධී ලෙස මියන්මාරයේ රැකියා සඳහා ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර මහත් පරිශ්‍රමයකින් අනතුරුව එයින් ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු මේ වනවිට නිදහස් කර ගැනීමට හැකිවී ඇති නමුත් මෙම සයිබර් අපරාධ ප්‍රදේශයේ තුළ තවමත් ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙකු කොටු වී සිටින බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.
ශ්‍රී ලංකා රජය මියන්මාර රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මෙලෙස සිරවී සිටින පිරිස නිදහස් කර ගැනීමට සෑම උත්සාහයක්ම ගනිමින් සිටින අතර මෙම අනතුරු ඇඟවීම් සහ ඔවුන් මුදා ගැනීමේ අඛණ්ඩ උත්සාහයන් නොතකා, ඇතැම් පුද්ගලයින් නීතිවිරෝධී මාර්ග හරහා රැකියා සඳහා මියන්මාරයට යාමට තවදුරටත් පෙලඹෙන බව නිරීක්ෂණය වන බවයි ඔහු කියා සිටින්නේ.
මෙම තත්වය සලකා බලා නීති විරෝධී මාර්ගවලින් මියන්මාරයට රැකියා සඳහා යාමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
තවද, පවත්නා තත්වය නොසලකා මෙවැනි මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන පිළිබඳ තොරතුරු වහාම ආරක්ෂක අමාත්‍යාංශය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.