මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
''මෙම දෙවසර තුළ මෙරට ජනතාවට වඩාත්ම වැදගත් වූ වැඩසටහන වන සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන, අප අමාත්‍යංශය යටතේ සිදු කෙරෙනවා. මෙම වැඩසටහන තුළින් වසර දෙකක කාලයක් තුළ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමට අපේක්ෂා කරනවා. මේ වන විට ඒ සඳහා ලක්ෂයකට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
උරුමය වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙලක් බවද පැවසිය යුතුයි. මේ වන විට ක්‍රියාත්මක වන්නේ එහි පළමු අදියරයි. මෙය කිසි සේත්ම දේශපාලන වැඩසටහනක් නොවෙයි. මැතිවරණ පවත්වන කාලවලදී වුවත් මෙම ඉඩම් ඔප්පු ලබා දීම සිදු කෙරෙනවා. නමුත් ඊට කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් හරහා සිදු කෙරෙන වෙනත් සේවාවන් පරිදිම ඔප්පු ලබා දීමද සිදු වෙනවා. එබැවින් මැතිවරණයකට දින නියම කිරීම මෙම වැඩසටහන නවත්වන්න හේතුවක් වෙන්නේ නැහැ. කිසිම මැතිවරණ නීති උල්ලංඝණයක් මෙම වැඩසටහනින් සිදු වන්නේ නැහැ. ඒ මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම ප්‍රසිද්ධ වේදිකාවල හෝ දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කාල සීමාව තුළ සිදු නොවන නිසයි. ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දිරි දීමනා ලබා දීමද අනුමත කර තිබෙනවා.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.