විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කෙරෙන ආකාරය දැක්වෙන වීඩියෝපටය හුදෙක් මාධ්‍ය රංගනයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"හරියට වීඩියෝ එක බැලුවොත්. ඒකෙ පෙන්නුම් කරනවා පොලිසිය වෙනම ඔහුගේ කට උත්තරයක් අරගෙන සියල්ල අහගන්නවා. අහගෙන නැවත මිඩියා ගෙනල්ලා ඒ සැකකරුවා තියාගෙන අරක ප්‍රචාරය කරනවා. සාක්කිකරුවාට අමතක වෙන දේවල් මතක් කරන්නේ DIG මහත්තයා. සාක්කිකරුගේ කතාව හදන්නේ ඒක නෙවෙයි මේක කියලා. ඊට පෙර ඔහුගෙන් කට උත්තර අරගෙන නැවත ඒක මිඩියා රංගනයක් විදියට පෙන්නුම් කරනවා. මේ ආරම්භක කට උත්තර ගන්න අවස්ථාවක් නෙවෙයි. පැහැදිලි මාධ්‍ය රංගනයක්. මාධ්‍ය ඉස්සරහා කට උත්තර ගන්න සම්ප්‍රදායක් හැදුනොත් කොතනින්ද මේක කෙලවර වෙන්නේ. අනිවාර්යයෙන් මේක සැලකිල්ලට භාජනය කරන්න ඕන."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.