මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කෙරෙන ආකාරය දැක්වෙන වීඩියෝපටය හුදෙක් මාධ්‍ය රංගනයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"හරියට වීඩියෝ එක බැලුවොත්. ඒකෙ පෙන්නුම් කරනවා පොලිසිය වෙනම ඔහුගේ කට උත්තරයක් අරගෙන සියල්ල අහගන්නවා. අහගෙන නැවත මිඩියා ගෙනල්ලා ඒ සැකකරුවා තියාගෙන අරක ප්‍රචාරය කරනවා. සාක්කිකරුවාට අමතක වෙන දේවල් මතක් කරන්නේ DIG මහත්තයා. සාක්කිකරුගේ කතාව හදන්නේ ඒක නෙවෙයි මේක කියලා. ඊට පෙර ඔහුගෙන් කට උත්තර අරගෙන නැවත ඒක මිඩියා රංගනයක් විදියට පෙන්නුම් කරනවා. මේ ආරම්භක කට උත්තර ගන්න අවස්ථාවක් නෙවෙයි. පැහැදිලි මාධ්‍ය රංගනයක්. මාධ්‍ය ඉස්සරහා කට උත්තර ගන්න සම්ප්‍රදායක් හැදුනොත් කොතනින්ද මේක කෙලවර වෙන්නේ. අනිවාර්යයෙන් මේක සැලකිල්ලට භාජනය කරන්න ඕන."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.