සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් අගෝස්තු මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව එම සමාගම සඳහන් කළේය.
ඒ අනුව, 2026 අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම වලංගු වන අතර
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් -රු. 4,465
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් - රු. 1,792
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් - රු. 835
ලෙස අඛණ්ඩව පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් දැනුම් දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.